ලෝකේ පුරා රටවල තියෙන අසාමාන්‍ය දේවල්


ලෝකේ තියන හැම රටකටම ඒ රටට අනන්‍යවූ නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ රට තුල ජීවත් වෙන ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් සාමකාමී ජීවන රටාවක් ගෙනියන්න වගෙම පුරවැසියන්ව සහ සමාජය නිතරම සදාචාරාත්මක මාවතකට අනුගතව හැසිරවීමට මේ නීතී රීති පද්ධති මනා පිටුවහලක් වෙනවා. ඉතින් සෑම රටකම තිබෙන මේ තාර්කික නීති රීතී අතර ටිකක් විතර අපේ මනස අවුල් කරන අසාමාන්‍ය විදියේ නීති රීතිත් තියෙනවා. මේ අතර තියෙන සමහර ඒවා ඇත්තටම නිර්මාණය කරල තියෙන්නේ කුමන අරමුණකටද කියන එකත් පැහැදිලි නැහැ. කොහොම වුනත් ඉතින් ඔය පහලින් තියෙන්නේ විවිධ රටවල තියෙන එවැනි අසාමාන්‍ය නී*තී විරෝධී දේවල් කිහිපයකුයි.

1. පුස්තකාලයක සූ*දූ ක්‍රීඩා තහනම්

සූ*දු ක්‍රීඩා කරන්න පුස්තකාලයකට යන අය ඉන්නවද?? ඔව් එක්සත් රාජධානියේ එහෙම අය ඉන්නවා. ඒක නිසා තමයි 1898 දී එක්සත් රාජධානියේ නීතියට “පුස්තකාල අපරාධ පනත” ඇතුලත් වෙලා තියෙන්නේ. මේ නීතියට අනුව වරදකරු වන පුද්ගලයකුට සිලිං 40 ක දඩ*යකට යටත් වෙන්නෙ වෙනවා.

2. පාර්ලිමේන්තු නිවාස තුළ සන්නාහයක් ඇඳීම

දෙවන එඩ්වඩ් රජුගේ පාලන සමයේදී ක්‍රියාත්මක කරන ලද මෙම නීතිය මගින් අපේක්ෂා කරලා තියෙන්නේ, වංශාධිපතියන් පාර්ලිමේන්තුවේ තමන්ගේ න්‍යාය පත්‍රයන් හරහා බලහත්කාරයෙන් ප්‍රචණ්ඩත්ව තර්ජන (සන්නාහයක් ඇදීමෙන් ලැබෙන බය හිතෙන පෙනුම) ඇතිවීම වැලැක්වීමයි.

3. තල්මස් හිමිකම

බ්‍රිතාන්‍ය තුල ක්‍රියත්මක වෙන මේ නීතියට අනුව අවම වශයෙන් බ්‍රිතාන්‍ය වෙරළේ සිට සැතපුම් 3 ක අරයක් තුළ ජීවත් වෙන සියලුම තල්මසුන්, ඩොල්ෆින්, sturgeons සහ porpoises මත්ස්‍යයන් සියලු දෙනාම රැජිනට අයිති වෙනවා.

4. බියර් තහනම

ඇමරිකාව තුලදී පලාත් අතර බියර් ගෙන යාම නීතී විරෝධීයි. නමුත් ඉතින් මේ නීතියට අවනත වෙන අයට වඩා එය කඩ කරන අය වැඩියි කියල තමයි වර්තා වෙන්නේ.

5. කාසි වැඩියෙන් භාවිතා කිරීම

කාසි වලින් ගණුදෙනු කරන්න අපි කවුරුත් අකමැතියිනේ. ඒක නිසා අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ යම් කුඩා සප්පුවකට හෝ කඩයකට ඒ කාසි ටික පැටවීමට උත්සාහ කරන එකයි. නමුත් කැනේඩියානු නීතියේ දී, යම් ගණුදෙනුවක් සිදු කරන විට කාසි වලින් කොපමන මුදලක් ගෙවීමට හැකිද යන්න පිලිබදව සීමාවක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබ nickels වලින් ගෙවනවා නම් සීමාව ඩොලර් පහකි.

6. සිසිල් බීම වල කැෆේන් දැමීම

මෙම කැනේඩියානු නීතිය 2010 මාර්තු වන තෙක් අවලංගු කර නැහැ. එයට අනුව අඳුරු නොවන සිසිල් බීම එතෙක් මූලික වශයෙන් සීනි සහ ජලය විය. කෙසේ වෙතත්, වර්තමානයේදිත්, කැනේඩියානු සිසිල් බීම වලට කැෆේන් කොපමණ ප්‍රමාණයක් යා හැකිද යන්න පිළිබඳ සීමාවන් තිබෙනවා.

7. මිනිසුන් ආහා*රයට ගැනීම

දකිනකොටම මේක නම් මහ අමුතුම විදියේ නීතියක් කියලා ඔබට හිතෙන්න ඇති. අතීතයේ සිටම මිනීමස් ආහාරයට ගැනීම පිලිබද විවිධ මතිමතාන්තර සහ කටකතා පැවතුනත් මෙම නීතිය පවතින ඉඩාහෝ රට, එය භාවිතයක් ලෙස ඇත්ත වශයෙන්ම නීති විරෝධී කළ එකම රාජ්‍යයයි.

8. Kinder Surprise

ඇතුළත පුදුම සෙල්ලම් බඩුවක් සහිත කුඩා චොකලට් බිත්තර… නීති විරෝධී කරන්නේ මොන එහෙකටද? නමුත් 1938 සිට එක්සත් ජනපදය තුල කාවැද්දීමේ සෙල්ලම් බඩු සහිත කැන්ඩි තහනම් කර තිබෙනවා. නමුත් Kinder Surprise එක්සත් රාජධානියේ සහ යුරෝපය පුරා සුලබව දකින්න ලැබෙනවා.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
6
ලස්සනයි
විකාරයි විකාරයි
11
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
0
වටිනවා

ලෝකේ පුරා රටවල තියෙන අසාමාන්‍ය දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!