අද වන විට නව තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් පෘථිවියට ගවුගණනක් ඈතින් තිබෙන ග්‍රහ වස්තූන් පිලිබඳව තොරතුරු සෙවීමට විද්‍යාඥයින් කටයුතු කලත් අපි ජීවත් වෙන ග්‍රහලෝකය වෙන පෘථිවිය මත තවමත් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වුනු අභිරහස් ගණනාවක්ම සැගවී තිබෙනවා. අපි අද විස්තර අරගෙන ආවේ පෘථිවිය පිළිබඳව අපිට දැන ගන්න ලැබුනු එවැනි නව පුදුමාකාර දේවල් කිහිපයක් පිලිබදවයි.
1. එවරස්ට් කන්ද ලෝකයේ උසම කන්ද නොවේ
හවායි හි පිහිටා තිබෙන Mauna Kea නම් ගිණි කන්දේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 4,207.3 (අඩි 13,803) ක් ඉහලින් පිහිටා ඇත.. කෙසේ වුනත් මේ ගිණිකදේ වැඩි කොටසක් රැඳී තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළිනි. එබැවින් පාදමේ සිට කඳු මුදුන දක්වා උස මනිනු ලැබුවහොත් එහි උස මීටර් 10,203 (අඩි 33,500) ක් වන අතර අතර එය එවරස්ට් කන්දට වඩා මීටර් 1,355 ක් උසින් වැඩිය.
2. පෘථිවි වායුගෝලයට මායිම් ඇත.
Kármán line යනු පෘථිවි වායුගෝලය සහ අභ්‍යවකාශය අතර මායිම ලෙස හදුන්වනු ලබන රේඛාවකි. ජාත්‍යන්තරව පිලිගෙන තිබෙන මෙම රේඛාව මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 100 ක උන්නතාංශයක පිහිටා ඇත. පෘථිවි වායුගෝලයේ මට්ටම බොහෝ ඉහළ මට්ටමක පැවතුනද, මෙම රේඛාව ලෝක වායු ක්‍රීඩා සම්මේලනය විසින් වායුගෝලය සහ අභ්‍යවකාශය අතර මායිම ලෙස හදුන්වනු ලබයි.
3. පෘථිවියේ වියළිම ස්ථානය ඇන්ටාක්ටිකාවේ පිහිටා ඇත.
වසර දහස් ගණනක් තිස්සේ වර්ෂාපතනයක් නොලැබූ චිලියේ අටකාමා කාන්තාරය පෘථිවියේ වියළිම ස්ථානය බව සාමාන්‍යයෙන් විශ්වාස කරයි. නමුත් ඇන්ටාක්ටිකාවේ මැක්මර්ඩෝ වියළි නිම්න වලට වසර මිලියන 2 කට ආසන්න කාලයක් වැසි ලැබී නැත. මේ නිසා පෘථිවියේ තිබෙන වියළිම ස්ථාන පිහිටා තිබෙන්නේ සීතල ඇන්ටාක්ටිකාව තුලයි. ඒවගෙම මෙහි සුළං පැයට කිලෝමීටර 320 ක වේගයකින් ගමන් කරයි.
4. මිරිදිය නියෝජනය කරන්නේ පෘථිවියේ ඇති ජලයෙන් 3% ක් පමණි
සාගර හා මුහුදු… පෘථිවියේ ජලයෙන් 97% ක් රඳවාගෙන ඇති නමුත් ඒවායේ තිබෙන ලුණු සහිත සාගර ජලය, පානය කිරීමට සුදුසු නොවේ. මේ අතරින් පෘථිවිය මත මිරිදිය ජලය තිබෙන්නේ 3% ක් පමනක් වෙන අතර එයින් 20% ක් විශාලතම විල වන බයිකල් විලේ තිබෙන අතර තවත් 70%ක් ග්ලැසියර වල සිරවී ඇත.
5. ලොව පැරණිතම දේවාලය අවුරුදු 12,000 ක් පමණ පැරණිය.
දකුණු තුර්කියේ පිහිටා තිබෙන වසර 12,000 ක් පැරණි Göbekli Tepe නම් පන්සල ලෝකයේ තිබෙන පැරනිතම පන්සල ලෙස සලකයි.. මීට වසර 11,000 කට පමණ පෙර වල්ගා තරු පහරක් අපේ පෘථිවියේ හදිසි උෂ්ණත්වය පහත වැටීමට හේතු වූ බව මෙම පන්සලේ තිබෙන කුළුණු වල කැටයම් වලින් ඔප්පු වන බව පර්යේෂකයෝ විශ්වාස කරති.
6. චන්ද්‍රයා කලක් පෘථිවියේ කොටසක් විය.
ස්වීඩන් විද්‍යාඥයින් පිරිසක් යෝජනා කරන ආකාරයට මීට වසර බිලියන 4.36 කට පමණ පෙර පෘථිවිය උපකල්පිත ග්‍රහ-ස්කන්ධ වස්තුවක් වන Theia සමඟ ගැටී පෘථිවියේ එකම ස්ථිර ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා නිර්මාණය වී තිබේ. Theia යනු මුල් සෞරග්‍රහ මණ්ඩලයේ උපකල්පිත පුරාණ ග්‍රහලෝකයක් වන අතර යෝධ බලපෑම් උපකල්පිතයට අනුව මීට වසර බිලියන 4.5 කට පමණ පෙර මුල් පෘථිවිය සමඟ ගැටී ඇති තියාගේ හරය සහ ආවරණ පෘථිවිය සමඟ මිශ්‍ර වී ඇති බවට විශ්වාස කරයි.
7. වසර මිලියන 250 කින් මහාද්වීප නැවත එක්වේ
මේ වෙන විට සොයා ගෙන ඇති ආකාරටයට මීට වසර මිලියන 335-175 කට පෙර පැවති මහාද්වීපයක් වූ Pangea නම් මහාද්වීපය කොටස් දෙකකට බෙදී ලෝරාසියාව සහ ගොන්ඩ්වානා යනුවෙන් මහාද්වීප දෙකක් නිර්මාණය වී තිබේ. පසුව එම දෙදෙනා වෙන් වී මහාද්වීප හත සෑදී ඇත.
නමුත් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ දැනට තිබෙන මහද්වීප මෙතැන් සිට වසර මිලියන 250-300 අතර කාලයකදී යළිත් එකට එකතු වී Pangaea Ultima නමින් තනි මහාද්වීපයක් බවට පත්වනු ඇති බවයි.
8. තනි සෛලීය ජීවියෙකු පළමු මහා ව*ඳවීමට හේතු විය
assachusetts තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් මීට වසර මිලියන 252 කට පමන පෙර සාගරයෙන් මතුවූ මෙතොනොසාර්සිනා නම් බැක්ටීරියාවක් පෘථිවියේ ජීවීන්ගෙන් 90% ක් වඳකර දැමීමට හේතු වූ බව විශ්වාස කරයි.. කෙසේ නමුත් එමගින් Archosaurs (පුරාවිද්‍යා
ඩයිනෝසෝරයන් සහ ටෙරෝසෝරයන් ඇතුළත් විශාල කණ්ඩායමක උරගයින්වන අතර එය අද නියෝජනය කරනු ලබන්නේ කිඹුලන් පමණි) නම් උරග කාණ්ඩයට පරිණාමය වීමට සුවිශේෂී අවස්තාවක් ලබා දී තිබේ.
9. අපේ පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් අඳුරේ ගිලී පවතියි.
අප දන්නා පරිදි, ලෝක සාගරය අපේ පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පුරා පැතිරී ඇත. මෙම මහා සාගර සූර්යාලෝකයට නිරාවරණය වනේ ජලයේ ගැඹුර මීටර 200 ක් පමන වෙන තුරු පමනක් වෙන බැවින් ඉතිරි ජලය සියලම ස්ථිරවම අඳුරේ පවතී. මේ නිසා අපේ පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් සෑම මොහොතමක අඳුරේ ගිලී පවතියි.
10. අසල්වැසි ප්‍රාන්තවලට පැය 24 ක කාල වෙනසක් තිබිය හැකිය
ඇමරිකානු සැමෝවා කිරිබාති හි කොටසක් වන ලයින් දූපත් වලට කිලෝමීටර් 2,000 ක් දුරින් තිබියදීත්, අසල්වැසියන් දෙදෙනා අතර කාල වෙනස පැය 25 කි.
11. නව මහාද්වීපයක්?
නැව් වලින් සහ ලෝක වාසින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දිනපතාම විශාල කසල ප්‍රමානයක් මහ මූදට එකතු වේ. යම් දවසක මේ සියලු කුණු කසල එකට එකතු වී සුවිශාල මහද්වීපයක් නිර්මාණය කරනු ඇති බවට පර්යේෂකයන් මත පල කරයි. මේ වන විට සාගරය තුල එසේ එකතු වී තිබෙන විශාල කුණු කන්ද මහා පැසිෆික් කුණු කන්දයි.
Connect with us