හදිසියෙ කවුරු හරි වෙඩි තියාගෙන ආවොත් බේරෙන හැටි ඡායාරූප වලින්ම


ප්‍රශ්න ,කරදර එන්නේ කළින් කියලා නෙවේනේ. ඒ නිසා පෙර සුදානම තමයි අංක 1. මේ වගේ හදිසි අවස්ථාවන් වළදි ක්‍රියාකල යුතු ආකාරයන් කිහිපයක් ගැනම අපි මීට පෙර කතා කරා. ඉතිං අද අපි කතා කරන්නේ, නාදුනන වෙඩික්කරුවකුගේ ,එහෙමත් නැත්තනම් ත්‍රස්ත වාදියෙකුගේ ප්‍රහාරයකදි දිවි බේර ගන්න අකාරය.මේ ගැන සම්පූර්ණ විස්තරය ඔන්න පැහැදිලිව,පහතින් තියෙනවා.

නිරීක්ෂණය

බොහෝ වෙලාවට මොවුන්ගේ ප්‍රහාරක ස්ථානයන් වෙන්නේ , පොදු උත්සවයක්, ජනගහනය ගැවසෙන තැනක්. ඉතිං මේ වගේ තැනකට ගියපු ගමන් පිටවීම් ස්ථාන කිහිපයක්ම හොදින් මතකේ තබාගන්න.මේක ඉතාමත් වටින පුරුද්දක්.මේ වගේ අවස්ථාවක විතරක් නෙවේ.ගින්නක්, භූමි කම්පාවක් වගේ අනතුරකදි පවා මේ පුරුද්ද ඉතාමත් වැදගත් වෙනවා.

ඒක ඇත්තක් බව අවබෝධ කරගන්න 

හිතන්න,ඔබට වෙඩි සද්දයක් ඇහුනා කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනි ඒ සද්දේ මොකක්ද කියලා තහවුරු කරගන්න එක. පසුව දුක් වෙනවාට වඩා ආරක්ශා වෙන එක හොඳයිනේ. ඒ නිසා කිසිම දෙයක් නොසලකා හරින්න එපා. අවධානයෙන් ඉන්න.

දුවන්න

මේක ලැජ්ජා වෙන්න ඕනි දෙයක් නෙවේ.අනිත් අය ගැන වද වෙන්න එපා. මොකද නැති වුන හැමදෙයක්ම ලබා ගන්න පුළුවන්. හැබැයි ජිවිතේ එහෙම ලබා ගන්න බෑ. පැනගන්න තියන හොදම තැන තමයි ජනේල්.ජනේලෙට කැපිලා තුවාල වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ජිවිතේ ආරක්ශා කරගන්න එක ඊට වඩා වටිනවා.දුවනකොට සිග්-සැග් හැඩයට දුවන්න, වෙට්ටු දදා දුවන්න අවශ්‍ය වෙන්නේ නෑ. පුලුවන් තරම් වේගයෙන් ඉක්මනට දුවන්න. හැබැයි වෙඩික්කරුගේ දෑසට අසු නොවෙන්නත් මඟ බලා ගන්න.

හැංඟෙන්න 

පැනගන්න අමාරු නම් ඊළග හොදම විසදුම තමයි මේ. හැංගෙන්න,ඒ වගේම මොකක් හරි බර දෙයක් අවහිරයක් විදියට තියාගන්න. ඉතිං මේ නිසා වෙඩික්කාරයාට හෝ ත්‍රස්තවාදීයාට ඔබ සිටින තැනට ඇතුළු වීම අපහසු වේවි. බොහෝ අවස්ථා වලදි ඔහු පොලීසිය පැමිණීමට ප්‍රථම ඉක්මනින් අයින් වෙනවා. ඒ නිසා මෙය ඔබට වාසියක් වෙන්න ඉඩ තියෙනවා.

ආවරණය වෙන්න 

මේ වෙලාවට සුපිරි ක්‍රියාදාම චිත්‍රපට නම් අමතක කරන්න වෙනවා. මොකද පුටුවකට, මේසයකට, කාර් එකකට වෙඩි උණ්ඩයක් නවත්තන්න බෑ. ඉතිං හොදම දෙයක් තෝරගන්න.කොන්ක්‍රීට් වගේ දෘඩ දෙයක් නම් වඩා ආරක්ශාකාරීයි. ඒ වගේම ශබ්ද නිකුත් කරන උපකරණ ක්‍රියාවිරහිත කරන්නත් අමතක කරන්න.

හදිසි ඇමතුම් ඒකකය සම්බන්ධ කරගන්න

මේකත් කරන්නම ඕනි දෙයක්. මෙතනදි ඔබට හැකියාව තියෙනවා නම් ස්ථාවර දුරකතනයකින් ඇමතුම ගන්න, එවිට ඔවුන්ට ඔබව සොයාගන්න එක ඉතාමත් පහසුයි.

ආයුධයක් හොයාගන්න

මේ කියන්නේ තුවක්කු,කඩු පිහි ගැන නෙවේ. කුඩයක් .ලීයක්.පොල්ලක්,කොස්සක් මේ වගේ පහරදෙන්න පුලුවන් දෙයක් ගැන. මොකද ඔබ ඉන්න ස්ථානයේ පිරිසක් ඉන්නවානම්,තනි ප්‍රහරකයාව මෙල්ල කරන එක ඒ තරම් අමාරු නෑ.

සටන් කරන්න 

මේ තමයි අවසාන පියවර.අනික මේක කරන්න ඕනි කරන්නම දෙයක් නැත්තනම්.මේ සටනෙන් ඔබ දිනන්න ඕනි නෑ .මොකද මේක බොක්සිං මැච් එකක් නෙවේ නේ. ඔහුව අඩපණ කරලා,ඔහුව කලබල කරලා පැනගන්න උත්සහ කරන්න.

මනුස්සකම අමතක කරන්න එපා

මේ වගේ වෙලාවක කලබල වුණ, කරදරයට වැටුණ කෙනෙක් දැක්කොත් ඒ කෙනාව තාරින්න එපා. ඔහුව හෝ එයව සන්සුන් කරන්න. පැනයන විට ඔහුවත් සම්බන්ධ කරගන්න. හැබැයි අංක එක ඔබේ ජිවිතේ.ඔක්කොටම කලින් ඔබ ආරක්ශා වෙන්න.

හැකියාවන් වර්ධනය කරගන්න 

මේ දේ කොතනටත් වටිනවා. පැනගන්න පුරුදු වෙන්න,සටන් ක්‍රම ඉගන ගන්න.ප්‍රථමාධාර ඉගන ගන්න. කවදාහරි දවසක ඔබට වැදගත් වේවි.

ජිවිතයට වඩා වටින දෙයක් නෑ. ඒ නිසා නිතරම අවධානයෙන් ඉන්න. මේ දේ වටිනවා නම් තව කෙනෙක්ට බලන්න share  කරන්න. එහෙනම් සුභ දවසක්!

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
6
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
9
ලස්සනයි
විකාරයි විකාරයි
12
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
13
ඇඩෙනවා
වටිනවා වටිනවා
106
වටිනවා

හදිසියෙ කවුරු හරි වෙඩි තියාගෙන ආවොත් බේරෙන හැටි ඡායාරූප වලින්ම

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!