ක්ෂණික ආහාර අවන්හල් සේවකයින් පාරිභෝගිකයන්ගෙන් සඟවන රහස් දේවල් 12ක්


අද වන විට ලොව පුරා බොහෝමයක් රටවල ක්ෂණික ආහාර අවන්හල්, පාරිභෝගිකයන්ට නැතුවම බැරි අංගයක් බවට පත් වෙලා තිබෙනවා. මෙවැනි ආහාර පර්භෝජනය කිරීමේ සෞඛ්‍යමය පැත්ත පිලිබදව යම් යම් ගැටළුකාරී තත්වයන් පැවතුනත්, ඒවායේ ජනප්‍රියතාව දිනෙන් දින ඉහල යනවා මිස පහල යාමක් සිදුවෙනවා නම් දකින්න ලැබෙන්නේ නැහැ. මේ කොහොම වුනත් ක්ෂණික ආහාර අවන්හල් විසින් ඔවුන්ගේ අවන්හල් වෙත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ හැකි තරම් ඒවා විකිණීමට විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරනු ලබනවා. ඔය පහලින් තියෙන්නේ සාමාන්‍ය පාරිභෝගික ඔබට කිසිදික දැන ගන්නට නොලැබෙන එවැනි රහස් උපක්‍රම 12කුයි.

1. සෑම නිෂ්පාදනයකම එකම රසයක් තිබේ.

ක්ෂණික ආහාර අවන්හල් විසින් මිනිසුන් වඩාත්ම කැමති රසයන් නිවැරදිවම අදුනාගෙන තිබෙන අතර ඒ නිසා ඔවුන් ඔවුන්ගේ සෑම ආහාරයකටම එකහා සමාන රස හැඟීමක් ලබා දීමට කටයුතු කරයි. මේ ආකාරයට ඔවුන්ට ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත සහ අපේක්ෂාව වහාම ඉටු කිරීමට අවස්තාව ලැබෙනවා.

2. බර්ගර් ක්ෂණිකව පිසිනු ලැබේ

ලොව විශාලතම ක්ෂණික ආහාර අවන්හල් බොහෝමයක වඩාත් සරල බර්ගර් තත්පර 30 කින් සකස් කෙරෙනවා. ඇත්තටම කොහොමද මෙහෙම කරන්නේ? ඔබටත් ඒ ගැන ප්‍රශ්නයක් ඇති. ඇත්තටම බොහෝ විට ඔවුන් ඒවා සකස්කර ශිත කර තබා පිලිගන්වන විට උණුසුම් කර පිලිගැන්වීමට කටයුතු කරීම නිසා තමයි එතරම් ඉක්මනින් ඔබේ ඇනවුම ලබා දීමට හැකිවෙලා තියෙන්නේ.

3. ඔවුන්ගේ ආහාර ඉක්මනින් ආහාරයට ගැනීම සඳහා නිර්මාණය කර ඇත

ක්ෂණික ආහාර අවන්හලකදි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් 12 වතාවක් පමන සැපීමෙන් පසුව තමයි ආහාර කැබැල්ලක් ගිල දමනු ලබන්නේ. නමුත් අවන්හලෙන් පිටතදි සාමාන්‍යයෙන් අපි ආහාර කැබැල්ලක් 15 වතාවක් පමන සපනවා. ඒ අනුව අපි ආහාර කැබැල්ලක් අඩුවෙන් සපන තරමට අපිට අඩු තෘප්තියක් ලැබෙන නිසා අපි වැඩිපුර ආහාර ප්‍රමානයක් ගැනීමට පෙළඹෙනවා. ඔවුන්ගේ ආහාර වැඩි ප්‍රමානයක් අලෙවි කර ගැණීම සදහා තමයි ක්ෂණික ආහාර අවන්හල් මේ උපක්‍රමය භාවිතා කරන්නේ.

4. වර්ණ පටිපාටිය සැලසුම් කර ඇත්තේ ඔබේ ආහාර රුචිය වැඩි කිරීම සඳහා ය

බොහෝමයක් ක්ෂණික ආහාර අවන්හල් ඔවුන්ගේ අවන්හල් සදහා රතු සහ කහ වර්ණ වැඩි වශයෙන් භාවිතා කරනවා ඔබ දැකලා ඇති. ඇත්තටම මේ වර්ණ සංයෝජන එම ස්ථාන අසල අපිව නැවැත්වීමට සහ කෑමට යමක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇති කරයි. මේ න්‍යාය බොහෝ දෙනෙක් “ketchup and mustard theory” යනුවෙන් හදුන්වනවා.

5. වැඩි ඉලක්ක ලබා දීමෙන් ඔබව වැඩිපුර මිලදී ගැනීමට පෙළඹවීම

විශේෂඥයින් විසින් සොයාගෙන තිබෙන ආකාරයට යම් පුද්ගලයෙක් ඔබට කෙලින්ම යමක් පිරිනමන විට එය ප්‍රතික්ෂේප කිරීම ඉතාම දුෂ්කරයි. මේ කාරණය පිලිබද හොදින්ම දන්නා අවන්හල් සේවකයින් තම අලෙවිය වැඩිකර ගැනීම සදහා උපක්‍රමයක් ලෙස එය භාවිතා කරනු ලබනවා. මේ අනුව ක්ෂණික ආහාර අවන්හල්වල සේවකයින් වැඩිපුර මිලදී ගැනීමට යෝජනා කරන විට මිනිසුන්ගෙන් 85% ක් මුලින් කෑමට අදහස් කළ ප්‍රමාණයට වඩා ඇණවුම් කරීමට පෙලඹෙයි.

6. කෝලා උපක්‍රමය

ඕනෑම අවස්තාවකදි වැඩි බීම ප්‍රමාණයක් විකුණන සරල ක්‍රමයක් නම් ඒවායේ ප්‍රමාණය / පරිමාව වැඩි කිරීමයි. මිනිසුන් සහජයෙන්ම මධ්‍යම ප්‍රමාණයේ බීම තෝරා ගන්න නමුත් “සම්මත” බීම ඇත්ත වශයෙන්ම විශාල ඒවායි. ඒ විතරක් නෙමෙයි, ඔබට අවශ්‍ය ප්‍රමාණය කුමක්දැයි ඔබ සඳහන් නොකරන්නේ නම්, ඔවුන් ඔබට සැමවිටම විශාලතම විකල්පය ලබා දෙනු ඇත.

7. Grilled meat සෑම විටම මායාවක් පමනයි.

ඔබ ක්ෂණික ආහාර අවන්හල්වලින් අනුභව කරන බර්ගර් බොහෝ විට විශාල කර්මාන්තශාලාවල කලින් සූදානම් කර ශීත කරන ලද ඒවා විය හැකියි. මේ නිසා ක්ෂණික ආහාර දාමයන් බොහෝ විට කෘත්‍රිම දුමාරයක් එකතු කරමින් මස්, Grilled කරන ලද බවක් පෙන්වීමට උත්සාහ කරයි.

8. සලාද සැමවිටම සෞඛ්‍ය සම්පන්න විකල්පයක් නොවේ.

බොහෝ ක්ෂණික ආහාර අවන්හල් දාමයන් විසින් දැන් “සෞඛ්‍ය සම්පන්න” විකල්පයක් ලෙස සලාද ඉදිරිපත් කරයි. නමුත් ඒවා සෑදීම සඳහා ඔවුන් බොහෝ විට භාවිතා කරන ආකලන නිසා, එවැනි ආහාර ඉහළම කැලරි අන්තර්ගතයක් ඇති ආහාරයක් බවට පත් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා ක්ෂණික අවන්හල් වලින් ලබා ගන්නා සලාද සෑම විට සෞඛ්‍ය ආරක්ෂිත විකල්පයක් බව විශ්වාස කල නොහැකියි.

9. කෝපි ඔබව උත්තේජනය නොකරයි

ඇතැම් ක්ෂණික ආහාර දාමයන් ඔවුන්ගේ කෝපි කඩදාසි කෝප වලට වඩා ස්ටයිරෝෆෝම් කෝප්පවලට දමා සපයනු ලබයි. මෙම කෝප්ප වල උණුසුම් ද්‍රාවණ සමග එකට මිශ්‍ර කල විට මානසික අවපීඩනය හා සාන්ද්‍රණය අඩු කිරීම සදහා ස්නායු පද්ධතියට බලපෑමක් ඇති කළ හැකි රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වෙයි.

10. බිත්තර හුදෙක් බිත්තර නොවේ

ක්ෂණික ආහාර අවන්හල් මගින් උදේ ආහාර වේල සදහා සපයන සැන්ඩ්විච් වල බිත්තර හෝ බිත්තර යෙදූ මිශ්‍රණ දකින්න ලැබෙනවා. නමුත් ඒ මිශ්‍රණ සදහා බොහෝ විට glycerine, dimethylpolysiloxane හෝ ආහාර ආකලන E552 අන්තර්ගත කර තිබෙන නිසා ඒවා ආහාරයට ගැනීම එතරම් සෞඛ්‍ය ආරක්ෂිත නොවේ.

11. කොකා කෝලා ඇත්තෙන්ම හොඳ නැත

පැණි බීම වර්ග කොහොමත්ම සෞඛ්‍යට හිතර නොවෙන බව ඔබ දන්නවනේ. ඉතින් ක්ෂණික ආහාර අවන්හල් මගින් ලබා ගන්නා කාබනීකෘත බීම වර්ග සදහාත් ඒ කාරණය අදාල වෙනවා. විශේෂයෙන් මෙවැනි අවන්හල් වලදී පිලිගැන්වීමට පෙර නැවුම් බවක් ලබා ගැණීම සදහා බොහෝ විට සාන්ද්‍රණය සමග ජලය මිශ්‍ර කිරීම සිදු කරනු ලබයි.

12. මෙම ආහාර ඉතා ඉක්මනින් ආහාරයට ගත යුතුයි.

ක්ෂණික ආහාර අවන්හල් මගින් සපයන බොහෝ ආහාර පිළියෙල කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ආහාරයට ගත යුතුයි. උදාහරණයක් විදියට ෆ්‍රේන්ච් ෆ්‍රයිස් වැනි දේවල් පිලියෙල කිරීමෙන් පසු විනාඩි 5ක් පමන විතරයි නැවුම්ව තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉන්පසුව ඒවායේ රසය සහ පෙනුම නැතිවී යාමට පටන් ගන්නවා. මේනිසා ක්ෂණික ආහාර අවන්හල් මගින් සපයන ආහාර ඉතා ඉක්මනින් ආහාරට ගෙන අවසන් කිරීමට මතක තියා ගන්න.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
0
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

ක්ෂණික ආහාර අවන්හල් සේවකයින් පාරිභෝගිකයන්ගෙන් සඟවන රහස් දේවල් 12ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!