Maliban Sri lanka

චීනේ විතරක් තියෙන පිස්සු හැදෙන අමුතුම විදියේ දේවල් 18ක්


චීනය කියන්නේ ලෝකය වෙනස් කල නව නිපැයුම් දහස් ගණනක් ලෝකයට තිළින කල වගෙම අද වන විට ලෝකයේ බහුතරයක් රටවල් වල තම වෙළද අධිකාරිය පතුරවාගෙන සිටින රටයි. මෑත කාලයේදී කොවිඩ් 19 වසංගත තත්වයත් සමග චීනය පිලිබදව පක්ෂව සහ විපක්ෂව ලෝකයේ බොහෝ දෙනෙක් කතා වෙන වාතාවරණයක තමයි අපි චීනය පිලිබදව මේ අපූරු තොරතුරු ටික ඔබට අරගෙන එන්න හිතුවේ.

1.ඔවුන් චලනය වෙන ඕනෑම දෙයක් ආහාරයට ගනියි

චීනයේ ආහාර සංස්කෘතිය නම් ලෝකේ අනිත් රටවලට වඩා හත්පසින්ම වෙනස්. සාමාන්‍ය මතයට අනුව චීන ජාතිකයන් චලනය වෙන ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. මේ නිසා චීනයේ සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු වලින් ඔබට ආහාරයට ගැනීම සදහා සතුන් විශාල ප්‍රමානයක් තෝරා ගත හැකියි. කිඹුලන්, කැස්බෑවන්, මෝරුන්, ගෙම්බන්, බල්ලන්, බළලුන්, කැරපොත්තන් සහ පණුවන් යොදාගෙන සකසන විවිධාකාරයේ දේශීය ආහාර වර්ග ඔවුන් සතු වෙනවා.

2. ශරීර කෘත්‍ය කිරීමට පහසු වෙන ආකාරයට දරුවන්ට සිදුරු සහිත කලිසම් අන්දවයි

චීන දෙමාපියන් වයස අවුරුදු 2-3 දක්වා ළමයින්ට පතුලේ සිදුරක් සහිත කලිසම් අන්දවන අතර එමගින් කොතන සිටියත් ඔවුන්ට පහසුවෙන් ශරීර කෘත්‍ය කිරීමට අවස්තාව ලැබෙනවා.

3. නිවසින් බැහැරට යන විටත් පිජාමා ඇඳුම් අඳියි

චීන ජාතිකයින්, ඔවුන්ගේ වයස කුමක් වුවත්, පිජාමා ඇඳුම් සමගින් කඩ වලට, මිතුරන් සමග ඇවිදීමට සහ ආපන ශාලා වලට පවා යයි. මේ වන විට එය චීනය තුල ජනප්‍රිය වීදී විලාසිතාවක් බවට පත්ව තිබෙනවා.

4.කේක් වෙනුවට දිර්ඝායුෂ නූඩ්ල්ස්

දිර්ඝායුෂ නූඩ්ල්ස් යනු චීන ජාතිකයන් උපන් දින, මංගල උත්සව සහ චන්ද්‍ර අලුත් අවුරුද්ද සඳහා සාදනු ලබන සාම්ප්‍රදායික ආහාරයකි. මෙම නූඩ්ල්ස් අඩි කිහිපයක් දිග වෙන අතර ඒවා මගින් එය අනුභව කරන තැනැත්තාගේ ආයු කාලය දිගු හා ශක්තිමත් වන බව ඔවුන් විශ්වාස කරයි.

5. දුම්රිය පැයට සැතපුම් 300 දක්වා වේගයෙන් ගමන් කරයි

චීනයේ අධිවේගී දුම්රිය සාමාන්‍ය වේගය පැයට සැතපුම් 217 (පැයට කි.මී. 350) කරා ළඟා වන මාර්ග තිබේ. මෙමගින් ඔවුන්ගේ අරමුණ වන්නේ ගුවන් ගමන් සඳහා ලාභදායී විකල්පයක් නිර්මාණය කරන අතරම රටේ දුර බැහැර ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කිරීමයි. 2010 දී චීනයේ නිර්මාණය කරන ලද දුම්රියක් පැයට සැතපුම් 301 (පැයට කි.මී. 486) වේගයෙන් ගමන් කර වර්තාවක් පවා පිහිටුවා තිබෙනවා.

6. සෑම වසර 10 කට වරක් උපන් දින සමරනු ලැබේ

බොහෝ චීන ජාතිකයන් ඔවුන්ගේ උපන්දින සමරනු ලබන්නේ පැරණි චීන සම්ප්‍රදායන් වලට අනුවයි. මෙහිදී ජීවිතයේ පළමු දින 30, පසුව උපතින් වසරකට පසුව, අවුරුදු 6 දී, පසුව සෑම වසර 10 කට වරක්, අවුරුදු 60 සහ 80 යන දිනවල මහා සැමරුම් සමග ඔවුන් තම උපන්දින සමරනු ලබයි. ඒවගෙම බොහෝ කාන්තාවන් මුළු අවුරුද්දම අවාසනාවන්ත වනු ඇති බවට කරන විශ්වාසයන් මත ඔවුන්ගේ 30, 33 සහ 66 උපන් දින සමරන්නේ නැති අතර මේ හේතුව මතම පිරිමින් ඔවුන්ගේ 40 වන උපන්දිනය ද සමරන්නේ නැහැ.

7. වීදි කොන්ඩා කැපීම

චීනයේ තිබෙන වීදී බාබර් සාප්පු ගණනාවකින්ම ඔබට කොණ්ඩය කැපීමට හා රැවුල බෑමට හැකියාව ලැබෙනවා.

8. පාත්ත පොලිස් නිලධාරීන්

චීනයේ සොරුන් අල්ලා ගැනීම සඳහා පුහුණු කරන ලද පාත්තයින් රාත්‍රී මුර සංචාරයේ යෙදෙන අතර හමුදාවේ තැපැල් බෙදා හැරීම සදහා පරවියන් 10,000 ක් පමණ සිටිති.

9. සියවස් බිත්තර සහ මුත්‍රා බිත්තර

සියවස් බිත්තර හෙවත් cඑන්ටෙන්නිඅල් එග්ග් යනු ජනප්‍රිය චීන කෑමකි. මෙහිදී නැවුම් කුකුල් බිත්තරයක් තේ, දෙහි, ලුණු, අළු සහ මැටි වලින් ආලේප කර පිදුරු හා සහල් වලින් ඔතා මාස 3-4 ක් පමන පොළොවෙහි වළලා ඉන්පසුව අහාරයට ගනු ලබනවා.. ඒවගෙම ටැන්සා ඩෝන් යනු කුකුළු බිත්තර වලින් සාදන ලද චීනයේ තවත් ප්‍රණීත ආහාරයකි. තවමත් වැඩිවියට පත් නොවූ පිරිමි ළමයින්ගේ මුත්‍රා වල දවසක් පමන පොඟවා ඉන්පසුව මෙම බිත්තර ආහාරය සදහා එකතු කර ගනියි.

10. මිනිසුන්ට ආහාර පිසීමට හා සේවය කිරීමට රොබෝවරු

චීනයේ, බොහෝ අවන්හල් වල පිඟන් කෝප්ප පිරිනැමීමේ සිට ආහාර පිසීම දක්වා සියල්ල සිදු කරන්නේ රොබෝවරුන් විසිනුයි. එවැනි පළමු ආපන ශාලාව මීට වසර කිහිපයකට පෙර පර්යේෂණ ආයතනයක විවෘත කරන ලද අතර එය ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය විය. මේ වන විට ඇතැමුන් එම රොබෝවරුන් නිවෙස් වල කටයුතු සිදු කර ගැනීම සදහාද භාවිතා කරයි.

11. ladybugs කෘමීන් ඉවත් කිරීමේ අමුතු ක්‍රම

මෙම අමුතු කඩදාසි ව්‍යුහයන් ලේඩි බග්ස් ආකර්ෂණය කරන විශේෂ ද්‍රව්‍ය වලින් පොඟවා තිබෙන අතර ඒවා ශාක වල කෘමීන් ඉවත් කිරීම සදහා උද්‍යාන හා හරිතාගාර වල භාවිතා කරයි.

12. හරිත කව්පි අයිස්ක්‍රීම්

චීන ජාතිකයන් අපි සාමන්‍යයෙන් ප්‍රිය කරන අයිස් ක්‍රීම් රසයන්ට වඩා වෙනස් අයිස්ක්‍රීම් රසයන් සදහා වැඩි කැමැත්තක් දක්වයි. ඒ අතරින් වඩාත් ජනප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගයක් වෙන්නේ හරිත කව්පි අයිස්ක්‍රීම් ය.

13. මුළු රටටම සති 2 ක අලුත් අවුරුදු නිවාඩුවක්

චීන අලුත් අවුරුද්ද දින 15 ක් පුරා දිවෙන රටේ ප්‍රධාන උත්සවයයි. එය චීනයේ ඇති එකම විශ්වීය නිවාඩුවයි. මෙම කාලය තුළ බොහෝ දෙනෙක් රට පුරා සංචාරය කරන බැවින් රට පුරාම විවිධ ජනප්‍රිය ස්තාන වල තදබදයන් නිතරම දකින්න ලැබෙනවා.

14. ජපානයෙන් පැමිනි චීන Fortune cookies

Fortune cookies ඇත්ත වශයෙන් චීනයෙන් පැමිනි ආහාරයක් නොවෙයි. ජපානයේ සූපවේදියෙක් වරක් වට්ටෝරුව ඇමරිකාවට ගෙන ආ අතර එහිදී එය චීන එකක් ලෙස වරදවා වටහා ගෙන තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන්, මේ කුකීස් කොතරම් ජනප්‍රිය වීද යත්, චීන අවන්හල් පවා ඒවා ජාතික සංග්‍රහයක් ලෙස මෙනුවට ගෙනවිත් තිබෙනවා.

15. හොල්මන් නගර සහ හිස් නිවාස මිලියන 64 ක්

චීනයේ විවිධ ප්‍රදේශ වල අතහැර දමා තිබෙන ගොඩනැගිලි මිලියන 64 ක් පමන ඇති බවට ගණන් බලා තිබෙනවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අවතාර නගරය වෙන්නේ ඕර්ඩෝස් ය.

16. චීනය තුළ පාපන්දු නිර්මාණය කරන ලද නමුත් බ්‍රිතාන්‍ය පිං පොං එහි ජාතික ක්‍රීඩාව බවට පත්විය.

2004 දී චීනය විසින් පාපන්දු ක්‍රීඩා සොයාගත් බව FIFA නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ක්‍රි.පූ 2 වන සියවසේදී චීන සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා එය භාවිතා කරන ලද අතර චීනයේ ජාතික ක්‍රීඩාව වන පිං පොං බ්‍රිතාන්‍යයන් විසින් මීට වසර 100 කට පමණ පෙර සොයා ගන්නා ලදී.

17. චීන යට ඇඳුම්

චීනයට තමන්ගේම විලාසිතා ප්‍රවණතා බොහෝමයක් තිබෙන අතර චීන වෙළදසැල වල විවිධ විලාසිතා වල යට ඇඳුම් අති විශාල ප්‍රමානයක් විකිණීමට තබා තිබේ.

18. හමුදාවේ යකඩ හික්මවීම

චීනයේ මිලිටරි පෙළපාළියක් යනු විශ්මයජනක දසුනකි: මෙහිදී සිය ගණනකගේ චලනයන් පරිපූර්ණ ලෙස සමමුහුර්ත කර ඇත. ඔවුන් සොල්දාදුවන්ගේ හිස මත වතුර බෝතලයක් හෝ කරපටි මතට ඉඳිකටුවක් සවි කර ඔහුගේ හිස කෙළින් තබා ගැනීමට පුහුණු කිරීම ඇතුළුව පැය ගණනක් වෙහෙසකර පුහුණු කිරීම් ගණනාවකින් මෙම ප්‍රවීණත්වය අත්කරගෙන තිබෙනවා. මිලියන 2.2 කට අධික ජනතාවක් සේවය කරන චීන හමුදාව ලෝකයේ විශාලතම හමුදාවයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
9
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
27
වටිනවා

චීනේ විතරක් තියෙන පිස්සු හැදෙන අමුතුම විදියේ දේවල් 18ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!