ඔබේ එදිනෙදා වැඩ පහසු කරන මුළුතැන්ගෙයි උපක්‍රම 20ක්


මුළුතැන්ගෙයි කටයුතු පහසු කර ගන්න වගෙම කාලය ඉතිරිකරගෙන නාස්තිය අවම කර ගන්නත් උපක්‍රම රාශියක් තිබෙනවා. ඒ දේවල් දැනගෙන හිටියොත් ඔබට ආහාර පිසීම විනෝදයක් මිස කිසිම වෙලාවක වදයක් නම් වෙන එකක් නැහැ. ඉතින් ඔන්න අපි අද කියන්නේ ඒ රහස් ගොන්න අතර තියෙන ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙන උපක්‍රම 20කුයි.

1. ඔබට මේ ආකාරයේ සම්පූර්ණයෙන් කහ පැහැති තැම්බූ බිත්තරයක් ලබා ගන්න අවශ්‍ය නම් තැම්බීමට පෙර එය විනාඩියක් පමන හොදින් සොලවන්න.

2. අයිස් ක්‍රීම් සැනඩ්විච් සෑදීමෙදී අයිස්ක්‍රිම් කැපීමට සදහා තියුණු, උණුසුම් පිහියක් භාවිතා කරන්න.

3. ඇසුරුම්කරණයේ කොටසක් සමඟ ඔබට අවශ්‍ය චීස් කැබැල්ල කපා දමන්න. එවිට ඉතිරිව තිබෙන චීස් ආවරණය කිරීම සදහා එම ඇසුරුම් කොටස භාවිතා කල හැකිය.

4. කහ පැහැයට හැරී තිබෙන ඖෂධ පැලෑටි කිසිම වෙලාවක ඉවත නොදමන්න. ඒ වෙනුවට ඒවා අයිස් කැට තැටියකට දමා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කරන්න. එය ඔබට පැස්ටා හෝ සලාද සදහා අපූරු අමතර එකතුකිරීමක් ලෙස භාවිතා කල හැකියි.

5. ඔබට රෝලිං පින් එකක් නොමැති නම්, ඒ වෙනුවට වයින් බෝතලයක් භාවිතා කරන්න.

6. ඉතිරිවුනු පීසා නැවත ආහාරයට ගැනීමේදී ඒවායේ මුලින් තිබුනු රසය සහ සුවද ලබා ගැනීමට අවශ්‍ය නම් මයික්‍රෝවේව් උදුනක දමා රත් කරනවා වෙනුවට ෆ්‍රයින් පෑන් එකකින් ලිප මත තබා රත් කර ගන්න.

7. පහත දක්වා තිබෙන පියවර අනුගමනය කිරීමෙන් ඔබට චීස් පාන් එකක් පහසුවෙන්ම පිලියෙල කර ගැනීමට පුලුවන්.

8. චෙරි තක්කාලි ඉක්මනින් කපා ගැනීම සඳහා, පිගන් දෙකක් අතර සැහැල්ලුවෙන් මිරිකා, පසුව තියුණු පිහියකින් පෙති කපන්න.

9. ඔබේ නියුටෙලා බෝතලය ඉවර වුනු විට එයට උණුසුම් කිරි ස්වල්පයක් වත් කිරීමෙන් රසවත් පානයක් සාදා ගන්න පුලුවන්.

10. සැල්දිරි සහ බ්‍රොකෝලි වැනි දෑ ඇලුමිනියම් කොල වල එතීමෙන් ඒවා දිගු කල් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.

11. ඔබ අර්තාපල් ගබඩා කරන විට ඒවා ඇපල් සමග තබනවා නම් අර්තාපල් වල කිසිදු රිකිල්ලක් හට ගන්නේ නැහැ. එයට හේතුව ඇපල් වල එතිලීන් අඩංගු වන අතර එමඟින් ඔවුන්ගේ රිකිලි වැඩීම වැලැක්වීමයි.

12. ඔබේ කේක් පිලිස්සීමට තිබෙන තැටිය විශාලයි නම් ඔබට අවශ්‍ය ප්‍රමානයට එය කුඩා කර ගැනීමට ඇලුමිනියම් ෆොයිල් කොල භාවිතා කරන්න.

13. සියලු වර්ග වල රසකැවිලි අලංකාර කිරීම සදහා whipped cream සෑදීමට ඝන ක්‍රීම් වීදුරුවකට සීනි මේස හැන්දක් සහ ලුණු අවශ්‍ය ප්‍රමානයට එක් කර හොදින් කලවම් කරන්න.

14. පලතුරු හෝ අතුරුපසක් සඳහා ඔබට ලස්සන හා ආහාරයට ගත හැකි කූඩ මෙන්න මේ ආකාරයට සාදා ගන්න පුලුවන්.

15. අලිගැට පේර පලුවක් ඇපල් සයිඩර් විනාකිරි ඉසීමෙන් හෝ ලූනු කැබැල්ලක් සමග ගබඩා කර තැබීමෙන් එය කලු පැහැයට හැරීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

16. දුර්වල විනාකිරි ද්‍රාවණයක පොගවා ගැනීමෙන් ඔබට නැවුම් බෙරි වල පුස් ඇතිවීම වලක්වා ගත හැකියි.

17. අන්නාසි සෑම විටම උඩු යටිකුරු කර තැබිය යුතුය; එමගින් ඒවා ඉක්මනින් ඉදී පැණිරස වනු ඇත.

18. බිත්තරයක් තම්බා ගැනීමට පෙර පුෂ්පින් එකකින් සිදුරු කරන්න. එවිට කෑමට සුදානම් වන විට කටුව ඉවත් කිරීම පහසු වනු ඇත.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
30
වටිනවා

ඔබේ එදිනෙදා වැඩ පහසු කරන මුළුතැන්ගෙයි උපක්‍රම 20ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!