ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය තරු ඡායාරූප වලට පෙනී ඉන්නකොට අනුගමනය කරන උපක්‍රම


සෑම නිලියකටම, නිරූපිකාවකටම, නිතරම මහජන ආකර්ෂණය යොමු වෙන පුද්ගලයන්ට, හොද ඡායාරූපයකට මුහුන දෙනකොට භාවිතා කරන ඔවුන්ගේම උපක්‍රම තියෙනවා. ඒවගෙම ඔවුන් හැම වෙලාවෙම කැමරා කෝණයට හරවන්නේ ඔවුන්ගේ ශරීරයේ හොඳම පැත්ත නෙමෙයි. ඔවුන්ට බොහොම පැහැදිලි ප්‍රතිරූපයක් මවන්න පුලුවන් දුර්ලභ උපක්‍රම තියෙනවා. ඉතින් සාමාන්ය පුද්ගලයන් වන අපිටත් ඔවුන්ගේ මේ උපක්‍රම භාවිතා කරලා හොද ඉරියවුවකින් ඡායාරූපයකට මුහුණ දෙන්න පුලුවන්.

1. Blake Lively ඇගේ දිව, මුඛයේ ඉහලට ඔසවලා ද්විත්ව නිකට සඟවා ගන්නවා.


ද්විත්ව නිකටක් තියෙනවා නම් ඒ ගැන දැන් වදවෙන්න දෙයක් නැහැ. ඔන්න Blake Lively ලග ඒකට සරල උපක්‍රමයක් තියෙනවා. ඡායාරූපයේ ආකාරයට දිව මුඛයේ ඉහලට නවා ඡායාරූපයකට පෙනී සිටීමෙන් බෙල්ලේ මාංශ පේශින් නිසියාකාරව පිහිටලා නිකට රේඛාව වඩාත් පැහැදිලිව ඉස්මතු වෙලා පෙනෙනවා.

2. Nicole Kidman මුහුණ වඩාත් කැපී පෙනීමට ඇගේ ගෙල තෙරපයි.


නිලියකගේ ආඩම්බරකාර පෙනුම තවත් ඉස්මතු කරලා පෙන්වන ක්‍රමයක් තමයි මේක. Nicole Kidman ඇගෙ උරහිස් පහලට ඇද දමා හිස මදක් ඉහලට ඔසවා ගෙල තෙරපවීමක් සිදු කරනවා. මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් මගින් සමේ ඕනෑම ආකාරයේ අඩුපාඩුවක් සැගවීමට හැකියාව ලැබෙනවා.

3. Monica Bellucci ඇගේ හිස ඉහලට ඔසවයි.


මෙම ඉතාලියානු නිලිය ඡායාරූපයකට පෙනී සිටින විට ඇගේ හිස මදක් ඉහලට ඔසවා ගෙලද එසේම ඉහලට ඇද මුහුණ වටා ප්‍රදේශය දැඩි කිරිමක් සිදු කරනවා. මේ ඉරියවුව වඩාත් ස්වභාවික කිරීමට ඇය මදක් පැත්තට හැරෙනවා. නමුත් මේ උපක්‍රමය සමග ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඡායාරූපයට හසුවෙන කෝණය නිවැරදි නැති නම් ඔබ වඩාත් අහංකාර පුද්ගලයෙක් ලෙස පෙනෙන්න පුලුවන්.

4. Taylor Swift කම්මුල් ඇට අවදාරනය කර පෙන්වීමට කම්මුල් මදක් සපා ගනියි.


ඇමරිකානු ගායිකාවක වන මැය ඉතාම ඥානාන්විතව මේ ක්‍රමය භාවිතා කරනවා. ඇය ඡායාරූපයකට පෙනී සිටින විට ඇගේ දත් මදක් පෙන්වන අතරම ඇගේ කම්මුල්ද මදක් සපා ගන්නවා. මේ ක්‍රමය ඇගේ කම්මුල් ඇට අවදාරනය කර පෙන්වන්න උපකාරයක් වෙනවා.

5. Megan Fox සරාගී පෙනුමක් සදහා ඇගේ දිව පෙන්වයි.


මේ ඇමරිකානු නිලිය ඡායාරූප වලට පෙනී සිටින විට ඇගේ මුඛය මදක් විවර කර දිව පිටතට පෙනීමට සලස්වයි. මේගන් මේ සරල උපක්‍රමය ඇගේ සරාගී පෙනුම වැඩි දියුණු කර පෙන්වීමට භාවිතා කරනවා.

6. Julia Roberts ඇගේ ඇස් පුළුල් ලෙස විවර කරයි.


හොලිවුඩයේ ප්‍රසිද්ධ සිනහවක් තියෙන මේ නිලිය සිනාසීමේදී ඇස් වටා ඇතිවෙන රැළි ඉවත් කිරීමට සරල උපක්‍රමයක් භාවිතා කරනවා. පුළුල් ලෙස සිනාසෙන විට ඇය ඇගේ ඇස් ඉහලට ඔසවමින් දැස් විශාල කිරිමක් සිදු කරනවා.

7. Jennifer Lawrence ඇගේ ඇහි බැම ඔසවන අතර ඇගේ ඇස් කැමරාවට එල්ල නොකරයි.


මේ නිලිය දිහා බලපු ගමන්ම තේරුම් ගන්න බැරි අමුතු ස්වභාවයක් මැවෙනවා නේද? ඒ පෙනුම ලබා ගන්න ජෙනිෆර් පොඩි උපක්‍රමයක් භාවිතා කරනවා. එහිදි ඡායාරූපය ගන්න විට ඇය කැමරාව දිහා බලනවා. නමුත් ඒත් සමගම ඇය ඇගේ දෑස් වලට හැගීම් විරහිත බවක් මවාගෙන ඇගේ ඇතුලාන්තය නැරඹීමට ඇති බලපෑම ඉවත් කරලා දානවා. මේ ක්‍රමයට ඇගෙන් අද්භූත බුද්ධිමත් පෙනුමක් නිර්මාණය වෙනවා.

8. Mila Kunis ඇගේ පෙනුම වඩාත් සංවේදීයි කිරීම සදහා ඉහල ඇහිපිය මදක් පහලට ඇද දමනවා.


පුළුල් ලෙස විවෘත ඇස් නිලියන්ගේ ප්‍රධාන ලක්ෂණය වේ. නමුත් මේ පෙනුම අඩු කිරීම සදහා Mila Kunis ඇගේ ඇසිපිය තරමක් පහලට ඇද දැමීමක් සිදු කරනවා. විශේෂයෙන් ස්වභාවිකවම විශාල ඇස් තියෙන කාන්තාවන්ට මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. කුඩා ඇස් තියෙන අය මේ ක්‍රමය භාවිතා කලොත් ඔවුන්ගේ ඇස් තවත් සිහින් වෙලා පෙනීමේ අවදානමක් හට ගන්නවා.

9. Charlize Theron ප්‍රාශ්වාස කිරීම මුඛය හරහා සිදු කරයි.


සජීවී හා ශ්වසන ඡායාරූපයක බලපෑම ලබා ගැනීම සඳහා, මේ නිළිය සරළ උපක්‍රමයක් භාවිතා කරනවා. එහිදී ඇය හුස්ම හෙලීම මුඛය හරහා සිදු කරයි. එමගින් ඇගේ තොල් වල පෙනුමත් පුළුල් ආකාරයක් ගන්නවා.

10. Meghan Markle ප්‍රේක්ෂකයන්ට සමීප බව පෙන්වීමට හිස පහතට නැමීම සිදු කරනවා.


සෑම විටම කුමාරිකාවක මෙන් මිත්‍රශීලීව ඡායාරූප වලට පෙනී සිටීමට මේගන් සරල උපක්‍රමයක් භාවිතා කරනවා. එහිදී ඇය ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට තම හිස ඔවුන් දෙසට මදක් පහත් කිරීමක් සිදු කරනවා. ඒත් සමගම ඇගේ කාරුණික සිනහවත්, පුළුල්ව විවර වුනු දෑසත් මේ ඉරියවුව වඩාත් ආකර්ෂණීය කරනවා.

11. Sandra Bullock ඇගේ ශරීර හැඩයේ හොදම ලක්ෂණය අවදාරණය කර පෙන්වීමට ඇගේ උරහිස් එසවීමක් සිදු කරනවා.


උරහිස් මදක් ඔසවා උරපතු සමාන්තරව තබා ගැනීමෙන් මේ නිලිය ප්‍රේක්ෂක ආකර්ෂණය ඇය දෙසට යොමු කර ගන්නවා. නමුත් මේ ඉරියවුව ප්‍රමානය ඉක්මවා සිදු කරනවා නම් ගෙල කෙටි වීමේ අවදානමක් ඇති කරයි.

12. Kirsten Dunst ඇගේ මුඛයෙන් අඩක් සිනහා වෙයි.


අර්ධ සිනහව ඇගේ ආවේනික උපක්‍රමය වන අතර මේ ඉරියවුව ඇගේ සෑම ඡායාරූපයකම පාහේ දැක ගත හැකිය.

ඡායාරූපයකට පෙනී සිටින විට ඔබ භාවිතා කරන උපක්‍රම මොනවද? අදහස් අපිට කියන්න. සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
6
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
6
ලස්සනයි
විකාරයි විකාරයි
9
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
27
වටිනවා

ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය තරු ඡායාරූප වලට පෙනී ඉන්නකොට අනුගමනය කරන උපක්‍රම

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!