මේ තවත් සත්‍ය ලස්සන ආදර කතාවක්


එක්තරා කාලයක එකිනෙකාට බෙහෙවින් ආදරය කරපු තරුණ යුවළක් හිටියා. බාධා නැති ආදර කතා කොහේද? අන්න ඒ නිසා මේ දෙන්නාටත් පුංචි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේ ගෑණු ළමයා යමක් කමක් ඇති පවුලක වුනත් මේ පිරිමි ළමයා දුප්පත් කෙනෙක් වීම. ඒ නිසාම ගෑනු ළමයාගේ පැත්තෙන් මේ සම්බන්ධයට ලොකු කැමැත්තක් පෙන්නුවේ නෑ.ඒ නිසාම මේ පිරිමි ළමයාට ඕනි වුනා ගෑනු ළමයාගේ ගෙදර කැමැත්තත් කොහොම හරි ලබා ගන්න. කාලයත් එක්ක මේ පිරිමි ළමයා හොඳ කෙනෙක් කියලා ඒ ගෙදරිනුත් තේරුම් ගත්තා.

මේ දෙන්නාට තව පුංචි ප්‍රශ්නයක් තිබ්බා. ඒ මේ පිරිමි ළමයා සේවය කරේ හමුදාවේ. ඔය කාලේදීම යුද්ධය ආරම්භ වුන නිසා පිරිමි ළමයාට සේවය සඳහා දුර රටකට යන්න සිද්ධ වුණා. යන්න දවස් කිහිපයකට කලින් පිරිමි ළමයා තමන්ගේ විවාහ යෝජනාව තව පෙම්වතියට ඉදිරිපත් කරා. ඇය සතුටු කදුළින් ඒ යෝජනාව පිළිගත්තා. එදා මේ යුවළ වෙන්වුනේ තව අවුරුද්දකින් ඔහු නැවත ආ විට විවාහ වන බවට එකිනෙකාට පොරොන්දු වෙමින්.

ඔහු ගිහින් දින කිහිපයකට පස්සේ ඉතාමත් දුක්බර සිදුවීමක් වුණා. ඒ ඔහුගේ පෙම්වතිය බරපතළ වාහාන අනතුරකට මුහුණ දීම. බරපතළ තුවාල ලබපු ඇයට සිහිය ඒමට තරමක් කාලයක් ගත වුණා.

ප්‍රකෘති තත්වයට පත් වුණ ඇය දුටුවේ ඇය අසළ හඬමින් සිටි ඇගේ දෙමව්පියන්.ඇයට තේරුනා කුමන හෝ ප්‍රශ්නයක් ඇති බව. ඒ ගැන විමසීමේදි ඇයට දැන ගන්න ලැබුණා ඇය මොළයේ ශල්‍යකර්මයකට මුහුණ පා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ පෙනුමට දැඩි ලෙස හානි වී ඇති බවත්. කණ්නාඩියකින් තම මුහුණ දුටු ඇය පැවසුවේ මෙහෙම දෙයක්. ” කළින් මං ලස්සන කෙනෙක් ,ඒත් දැන් මං විකෘති කෙනෙක්” ඒ විතරක් නෙවේ ඇගේ මුළු ශරිරයම අවලස්සන තුවාල කැලල් වලින් පිරී තිබුණා.

මේ නිසාම ඇය තීරණය කරා තමන්ගේ පෙම්වතාව විවාහ පොරොන්දුවෙන් නිදහස් කරන්න. ඇය දැනගත්තා මේ පෙනුමත් එක්ක ඔහු කවදාවත් ඇයව විවාහ නොකරගන්නා බව.

ඔය අතරතුරේ විදේශයක ඉන්න ඇගේ පෙම්වතා ඇයට ලිපි ගණනාවක් එව්වා. දුරකතන ඇමතුම් රාශියක් ලබා දුන්නා.නමුත් ඇය ඒ කිසිම දේකට පිළිතුරු ලබා දෙන්න ඉදිරිපත් වුනේ නෑ.

කාලය ගත වුනා. අවුරුද්දක් ගිහින් ඔහු එන දවස ලඟා වුනා.

ඒ දවසේ ගැණූ ළමයාගේ කාමරයට ගියපු ඇගේ අම්මා ඇයට කතා කරා,

“ඔහු ඇවිත්”

“ඔහුට මං මෙතන බව කියන්න එපා. මට ඔහුව මුණ ගැහෙන්න අවශ්‍ය නෑ.” මෙහෙම කියමින් ඇය කෑ ගැසුවා.

ඇගේ මවගේ පිළිතුර වුනේ,” ඔහු විවාහ වෙන්න යන්නේ, මේ ආරාධනා පත්‍රය අරගෙනයි ඔහු ඇවිත් තියෙන්නේ”

ඒ වෙලාවේදි ඇය ඉතාමත් දුකට පත් වුනා.මොකද කොයිතරම් හිත දරදඩු කරගෙන හිටියත් ඇය තවමත් ඔහුට ආදරය කරන නිසා. වේව්ලන දෑතින් ආරාධනා පත්‍රය කියවපු ඇය දුටුවේ එහි ඔහුගේ නම හා මුද්‍රණය වී තිබුණේ ඇයගේ නම බවයි. ඒ වේලාවේ ඇය අසලට ආපු ඇගේ පෙම්වතා නැවතත් ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කරා.

එවිට ඇගේ පිලිතුර වුනේ. “මං දැන් කැතයි”

පිරිමි ළමයා එතකොට මෙහෙම කිව්වා. ” ඔයා නොදැන හිටියාට ඒ අනතුර වුණ කාලේම ඔයාගේ අම්මා මට ඔයාගේ පින්තූර එව්වා. ඒ පින්තූර වල මට කිසි වෙනසක් දෑනුන් නෑ. මොකද මං ඔයාට ආදරෙයි.ඔයා තාමත් කලින් වගේම මට ලස්සනයි”

ආදරය ඔන්න ඔහොමයි. සැබෑ ආදරය මොන දේ වෙනස් වුනත් වෙනස් වෙන් නෑ. මේ ගැන ඔබට හිතන දේ comment එකක් විදියට අපිටත් කියන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. සුභ දවසක්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
4
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
7
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
158
ලස්සනයි
විකාරයි විකාරයි
14
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
48
ඇඩෙනවා
වටිනවා වටිනවා
75
වටිනවා

මේ තවත් සත්‍ය ලස්සන ආදර කතාවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!